එස්.කේ.කේ. සූරිආරච්චි ද්විතික විද්‍යාලය

පාසලේ ඉතිහාසය

සුරිය ගී සරණි

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-07-18 at 20.27.36_4f43dc52.jpg

1909 වර්ෂයේ යටත් විජිතයක්ව පැවතුණ සමයක සිංහල පාසලක් වශයෙන් මෙම විද්‍යාලය ආරම්භ විය ගෝනහේන ගම්පතිව සිටි එස්.කේ.කේ කර්නේලිස් නිවස අසල කුඩා අතු පැලක් ලෙසින් ආරම්භ වූ මෙම පාසලේ මුල් ගුරුතුමා වූයේ සූරියගම සිට පැමිණි පීරිස් තියේරා මහතාය . 1951 වර්ෂයේ රජයේ මිශ්‍ර පාසලක් බවට පත් වූ අප විද්‍යාලය 1957 වර්ෂයේදී කේ.කේ. කිරිනේරිස් මහතා විසින් අක්කර දෙකක භූමි භාගයක් පරිත්‍යාග කර වර්තමාන පාසල පිහිටි ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි දෙකක් ඉදිකර පාසල සංවර්ධනය කරන ලදී 

1961 වර්ෂයේ දී මහා විද්‍යාලයක් බවට පත් වූ මෙය 1963 පෙබරවාරි 28 වන දින සිට මහා විද්‍යාලය හා ප්‍රාථමික අංශය වෙන් කොට මහා විද්‍යාලය හා ප්‍රාථමික අංශය පාසල් දෙකක් වශයෙන් ප්‍රවර්ධනය කරන ලදී. මෙම විද්‍යාලය ආරම්භයේදී සවස පාසලක් ලෙස පැවතුණි. 1963 මැයි මස 21 වන දින වන විට වර්ෂයේ ළමුන් තුන්සිය දාසයක් සිටි අතර ගුරුබවතුන් දාසයක් රාජකාරී කටයුතු කළ බව සඳහන් වේ

1970 දශකය අප විද්‍යාලයේ සරණමය යුගයක් ලෙස හැඳින්විය හැකිය කර්නල් කේ.පි.ජි.නිලමේ මහතා විදුහල්පති දුරය හෙබ වූ එම කාලය විද්‍යාගාරය කෘෂි විද්‍යාගාරයක් සුවිසල් ක්‍රීඩා පිට්ටනියක් ආදී භෞතික සම්පත් මෙන්ම විද්‍යාලයේ දරුවන්ගේ හැකියාවන් වර්ධනයෙක් කරමින් විවිධ තරග ජයග්‍රහණය කළේ

මේ අයුරින් විවිධ කාලවලදී විවිධ වූ සන්ධිස්ථානයක් පසු කරමින් බොහෝ විදුහල්පතිවරුන් විසින් මුලසුන හෙබ වූ මෙම විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජගත් දීප්ති ලියනාරච්චි මහතාගේ නායකත්වය යටතේ විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් වර්ධනය කරමින් සිසු දරුවන් තුළ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය ඇති කරමින් දිනෙන් දින සංවර්ධනයට පත්වෙමින් පවතී.

කුඩා කල සිට සූරියාරච්චි විදු මෑණියන් තුරුලේ ශිල්ප ශාස්ත්‍ර හදාරා පසුව මෙම විද්‍යාලයේම උප ගුරුවරයකු ලෙස පන්නරය ලබමින් 2008 වර්ෂපන්නරය ලබමින් 2008 වර්ෂයේදී විදුහල්පති ධූරයේ වැඩ බාරගනිමින් එවකට පැවැති ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුරු සංඛ්‍යාව වර්ධනය කර ඇත.

විද්‍යාලයේ භෞතික සම්පත් හා මානව සම්පත් යන ධ්‍යාංශයෙන්ම ඉහළ තත්ත්වයකට වර්තමානයේ පැමිණ ඇති අතර 2017 වර්ෂය ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී අපොස උසස් පෙළ විද්‍යාගාරයක් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් විද්‍යාගාරයට ලබා ගනිමින් එවක ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කිරීමට ලැබීම විද්‍යාලය ලැබූ මහඟු ජයග්‍රහණයකි. එසේම 2017 වර්ෂයේ සුපසන් ගුරු අභිමතත්ත්වයකට වර්තමානයේ පැමිණ ඇති අතර 2017 වර්ෂය ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී අපොස උසස් පෙළ විද්‍යාගාරයක් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් විද්‍යාගාරයට ලබා ගනිමින් එවක ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කිරීමට ලැබීම විද්‍යාලය ලැබූ මහඟු ජයග්‍රහණයකි. එසේම 2017 වර්ෂයේ සුපසන් ගුරු අභිමානී සම්මානයක්ද 2015 වර්ෂයේ ප්‍රතිභා ප්‍රභා සම්මානයක්ද 2017 වර්ෂයේ මහර හරසර ප්‍රණාමයන්ද ලබා ගනිමින් විද්‍යාලයේ ඉදිරි ගමනට වර්තමාන විදුහලපතිතුමා නායකත්වය මෙහෙයවයි.