විදුහල්පති පණිවිඩය
J.D.ලියනආරච්චි මයා
කුඩා කල සිට සූරියආරච්චි විදුමෑණී තුරුලේ ශිල්ප ශාස්ත්‍ර හදාරා පසුව මෙම විද්‍යාලයේම උපගුරුවරයෙක් ලෙස සේවය කරමින් ගුරු භූමිකාවක් වූ භූමිකාවෙන් පන්නරය ලබමින් 2008 වසරේ අප්‍රේල් මස 25 වන දින විදුහල්පති ධුරයේ වැඩ භාර ගතිමි.පැවති ශිෂ්‍ය සංඛ්‍යාව වූත් 326 වර්තමානය වන විට හත්සිය දහය දක්වා ඉහල නැංවීමපැවති ශිෂ්‍ය සංඛ්‍යාව වූත් 326 වර්තමානය වන විට 710 දක්වා ඉහල නැංවීමට හැකි වීම මාලද ප්‍රබල ජයග්‍රහණයක් බව කිව යුතුය.
පාසල භෞතික හා මානව සම්පත් දෙයන්සෙන් ම ඉහළ තත්ත්වයකට මේ වන විට පමුණුවා ඇත වසර 14කට පසුව 2011 වසරේ සිට අප විද්‍යාලය මගින් විශ්ව විද්‍යාලය වෙත සිසුන් යොමු කර ඇත වර්තමානය වන විට සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම ආවරණය වන පරිදි සිසුන් විශ්වවිද්‍යාල වෙත සමත් කරවීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවත්ව ඇත.
සිසු ගුරු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය අතර මනා සුසංයෝගයක් පවතින අතර එය පාසලේ ඉදිරි ගමනට මනාපිටිවහලකි. පාසල තුළ සුභසාධන කටයුතු තූර්ය වාදක, පරිසරබට, සෞඛ්‍ය දාන, මාධ්‍යකව, සංගීත, නැටුම්, චිත්‍ර ආදී සෞන්දර්ය අංශ මගින් ඉහළ ජයග්‍රහණ පාසල වෙත අත්පත් කර දී ඇත.
නිසල සුපසන් පරිසරයක පිහිටා ඇති පාසලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අනාගත අභියෝග ජයගත හැකි මානව දයාවෙන් පිරිපුන් සදාචාර සම්පන්න මෙන්ම වැඩ ලොවට ගැලපෙන නව තාක්ෂණික දැනුම පෙරදැරි කරගත් සිසු පිරිසක් බවට පත් කරලීම අප පාසලේ අරමුණයි.
J.D.ලියනආරච්චි මයා
විදුහල්පති
බප /කැල / එස්. කේ. කේ සූරිආරච්චි ද්විතියික විද්‍යාලය.






